සදහම් වැඩසටහන් නැවත ආරම්භ කිරීම

ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය කාලයේ ලොව පුරා පැතිර ගිය කොරොනා වසංගත තත්වය නිසා ලෝවාසී සියලු දෙනාටම නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණපෑමට සිදු විය. සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අප අසපුවේ පවත්වන්නට යෙදුන සියලු දහම් වැඩසටහන් ද තාවකාලිකව නවතා දමන්නට අපට සිදු විය. නමුත් මේ වන විට එම කොරෝනා වසංගත තත්වය ක්‍රමයෙන් පහව යන බව දැක ගන්නට තිබේ. එබැවින් අප අසපුවේ සියලු දහම් වැඩසටහන් නැවත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන්නට අප බලාපොරොත්තු වන බව සියලු දෙනා වෙත මෙත් සිතින් යුතුව දන්වා සිටිමු.

ඒ අනුව පෙබරවාරි මස 27 වන ඉරිදා දින සිට සියලු දහම් වැඩසටහන් සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව අසපුවේ දී පැවැත්වේ.

ඒ අනුව…

ළමා දහම් වැඩසටහන

  • සෑම මසකම දෙවන ඉරිදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අසපුවේ දී පැවැත්වේ.
  • සෑම මසකම හතරවන ඉරිදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අසපුවේ දී පැවැත්වේ.

යොවුන් දහම් වැඩසටහන

  • සෑම මසකම හතරවන ඉරිදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අසපුවේ දී පැවැත්වේ.

මාසික සීල භාවනා වැඩසටහන – (වැඩිහිටි පින්වතුන් සදහා)

  • සෑම මසකම හතරවන ඉරිදා උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා අසපුවේ දී පැවැත්වේ.

එමෙන්ම මෙම වසරේ වෙසක් සදහම් වැඩසටහන, පොසොන් සදහම් වැඩසටහන, Open day And Sri Lankan cultural day වැඩසටහන සහ කඨින චීවර පූජා පිංකම ද පෙර පරිදිම සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව අසපුවේ දී පැවැත්වේ.

අප නොසිතූ නොපැතූ අයුරින් අපගේ ජීවිත වලට කරදර කම්කටොලු බාධා පැමිණීමත්, එමෙන්ම විවිධාකාර දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපෑමට සිදු වීමත් අපගේ ජීවිතයේ සත්‍යය ස්වභාවයයි. එබැවින් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාල අයුරින් අප සැම අප්‍රමාදීව පින් දහම් රැස් කිරීමටත්, කුසල් දහම් වැඩීමටත්, නිවන් මග පුරුදු කිරීමටත් උත්සාහවත් විය යුතුය. ඒ මක්නිසාද යත් උතුම් මිනිස් ජීවිතයත්, සම්බුද්ධ සාසානයත් මුණ ගැසීම ඉතා දුර්ලභ වන බැවිණි.

එබැවින් මෙම සියලු සදහම් වැඩසටහන් සමගින් අප සමග එක්ව පින් දහම් රැස් කර ගැනීමටත්, ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිස උපකාර වන කුසල් දහම් දියුණු කර ගැනීමටත් අප සමග එක් වන ලෙස සුපින්වත් ඔබ සැමට අප මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි.