Arama Pujawa

උත්තම ආරාම පූජාව

නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව අපගේ ගුරුදේවෝත්තම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතුව 2015 වසරේ ඔක්තෝබර් මස 18 වන දින ආරම්භ කරන්නට යෙදුණි. එමගින් නෙදර්ලන්තයේ සහ බෙල්ජියමේ වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැවත් පින්වතුන් හට මෙන්ම එම රටවල විදේශ ජාතික පින්වතුන් හට ද බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගැනීමටත් එම ධර්මය තම ජීවිත තුල ප්‍රායෝගිකව පුරුදු පුහුණු කර ගැනීම පිණිසත් අවකාශය සැළසී තිබේ. අප මහමෙව්නාව භාවනා අසපුව මුල් කරගෙන තෙරුවන් සරණ ගිය සැදැහැවතුන් පින් දහම් රැස් කරමින් කුසල් දහම් වඩමින් ජීවිතයට ලබන සැනසිල්ල අපමණය.

 

අසපුව මගින් සිදු කෙරෙන මෙම සදහම් සේවාව ඉතා සුව පහසුවෙන් සහ සාර්ථකව සිදු කරගෙන යාම පිණිස අප අසපුව වෙත පුණ්‍යභූමිය මිලදී ගැනීමේ කටයුතු 2016 වසරේ ජනවාරි මාසයේ දී සාර්ථක කර ගැනීමට අපට හැකි විය. නෙදර්ලන්තය, බෙල්ජියම සහ අවට යුරෝපා රට වල වෙසෙන සැදැහැවතුන් මේ සදහා තම බැතිබර දායකත්වය දරමින් මුුදලින් ආධාර උපකාර කලෝය. ඒ සියලු දෙනාටම අපමණ පුණ්‍යානුමෝදනා වේවා!

 

එනමුදු පුණ්‍යභූමිය මිල දී ගැනීම පිණිස එම ආධාර මුදල් පමණක් ප්‍රමාණවත් නොවුන බැවින් විදෙස් රටවල පවතින ඉඩම් හා දේපළ මිලදී ගැනීමේ ක්‍රමවේදය අනුව නෙදර්ලන්තයේ තිබෙන බැංකුවකින් බැංකු ණයක් ලබාගෙන අසපුභූමිය මිල දී ගැනීමට  සිදු විය. එම ණය මුදල මාසික වාරික ලෙස ගෙවීම දැනට සිදු වේ.

 

පැවති අභියෝගයන් ජය ගනිමින් සිදු කළ මෙම දුර්ලභ පුණ්‍යකර්මයේ කොටස්කරුවකු වීමට සුපින්වත් ඔබට ද තවමත් අවස්ථාව තිබේ. ඒ අසපුභූමිය මිලදී ගැනීමේ දී ලබා ගත් ණය මුදල් ගෙවීම පිණිස පින්වත් ඔබට ද හැකි අයුරින් දායක වීමෙනි. එමගින් සිව් දිගින් වඩින්නා වූ ආර්ය මහා සංඝරත්නය උදෙසා සෙනසුන් පූජා කිරීමේ මහත්ඵල මහානිසංශ උතුම් පුණ්‍යකර්මයට ඔබට ද දායක විය හැකිය. ඒ සදහා පින්වත් ඔබ කැමති නම් කැමති ඕනෑම මුදලක් අසපුව වෙත පරිත්‍යාග කළ හැකිය. ඔබගේ මුදල් පරිත්‍යාගය අසපුවේ පහත තොරතුරු සදහන් බැංකු ගිණුමට බැර කළ හැකිය. එසේත් නොමැති නම් අසපුවට පැමිණ ඔබගේ මුදල් ආධාරය පූජා කළ හැකිය. (බැංකු ගිණුමට ආධාර මුදල් බැර කරන්නේ නම් “ආරාම පූජාව සදහා” ලෙස සටහන් කරන මෙන් මෙත් සිතින් යුතුව සිහි පත් කර සිටිමු.)

 

මේ පිළිබදව වැඩි විස්තර දැන ගැනීමට  අවශ්‍ය නම් අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් හෝ අසපුවේ භාණ්ඩාගාරික මහතාගෙන් විමසා ඒ පිළිබදව විස්තර ලබා ගත හැකිය. (දුරකථන අංක: අසපුව – 06 199 15 161 / භාණ්ඩාගාරිකතුමාගෙ දුරකථන අංකය)

 

සුපින්වත් ඔබ ආරාම පූජාව පුණ්‍යකර්මයට දායක වීමෙන් රැස් කළ පුණ්‍යධර්මයන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් කළ යුතු කෙනෙකු වේ නම් එ් පිළිබද විස්තර ද පින්වත් ස්වාමීන් වහන්සේලාට දැනුම් දීමෙන් එම පින්වතුන් හට සුදුසු පරිදි පුණ්‍යානුමෝදනාව සිදු කළ හැකිය.) 

 

පින්වත් ඔබ උත්තම ආරාම පූජාව වෙනුවෙන් සිදු කෙරෙන මුදල් ආධාර අප අසපුවේ මෙම බැංකු ගිණුමට බැර කළ හැකිය.

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2 U

 

සුපින්වත් ඔබ සැමට නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සුවසේ පුණ්‍යධර්මයන් රැස් කර ගැනීම පිණිසත් කළණමිතුරු ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගෙන තම ජීවිත තුල එම ධර්මය පුරුදු පුහුණු කර ගනිමින් මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් වාසනාව ලැබේවා!

 

තෙරුවන් සරණයි.