Annual ‘Sanga-Upasthana’ Day

වාර්ෂික සංඝෝපස්ථාන දිනය

මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ ශ්‍රාවකයෙකුට සිදු කරන උපස්ථානයයි. ඒ බව අපගේ බුදු රජානන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් අනුත්තරීය සුත්‍ර දේශනයේ දී මෙසේ දේශනා කොට වදාළා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට හෝ උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිසත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිසත්, දුක් දොම්නස් නැති වීම පිණිසත්, ධර්ම මාර්ගයට පැමිණීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් හේතු වෙයි. මහණෙනි, යම් මේ පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. මෙය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨම දෙය යැයි කියනු ලැබේ.” 

- භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ. (අනුත්තරීය සුත්‍රය – අ.නි. 04) -

 

මෙම උපස්ථාන කිරීම් අතුරින් අග්‍ර වූ පින් රැස් වෙන උතුම් සංඝෝපස්ථාන පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට සුපින්වත් ඔබට ද දැන් දුර්ලභ අවස්ථාවක් උදා වි තිබේ. ඒ අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික සංඝෝපස්ථාන දිනයක් වෙන් කරවාගෙන ඒ සඳහා දායකත්වය දැරිමෙනි.

මීට ටික කලකට ඉහත දී ආරම්භ කල නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වෙසෙන පින්වත් ස්වාමින් වහන්සේලා සැදැහැවතුන් හට ධර්මය කියා දෙමින්, පින් දහම් රැස් කර ගැනීම පිණිසත්, කුසල් දහම් දියුණු කර ගැනීම පිණිසත් උපකාර කරමින්, සිල් ගුණ දම් වඩමින්, බණ භාවනා කරමින් අසපුවේ වැඩ වෙසෙති. උන්වහන්සේලා නෙදර්ලන්තය තුල මෙන්ම අවට පිහිටි යුරෝපා රට වලට ද වැඩම කරමින් සුවිසල් සදහම් සේවාවක් සිදු කරති. මෙම උතුම් ධර්මප්‍රචාරක කටයුතු සිදු කරන පින්වත් ස්වාමින් වහන්සේලා වැඩ වෙසෙන සැදැහැවතුන් පින් දහම් රැස් කරමින් කුසල් දහම් වඩන නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ මාසික වියදම € 3000 ක් පමණ වේ. ඒ අනුව එක් දිනයක වියදම යූරෝ  € 100 කි. 

පින්වත් ඔබට, ඔබ කැමති අවුරුද්දේ ඕනෑම දිනයක් වෙන් කරවාගෙන එහි වියදම සඳහා දායකත්වය දැරීමෙන් මෙම උතුම් සංඝෝපස්ථාන පුණ්‍ය ධර්මයන් රැස් කර ගත හැකිය. ඔබගේ හෝ ඔබගේ දුව, පුතා ගේ උපන් දිනය වැනි ඔබගේ ජිවිතයේ එළඹෙන විශේෂ අවස්ථාවන් සිහි කොට හෝ එසේත් නැති නම් ඔබගේ ඥාතියෙකුගේ මිය ගිය දිනය සිහි කොට හෝ විශේෂ දිනයක් ලෙස මෙම සංඝෝපස්ථාන දිනය ඔබට වෙන් කර ගත හැකිය.

 

වාර්ෂික සංඝෝපස්ථාන දිනයක් වෙන් කර ගන්නා ආකාරය 

  • පින්වත් ඔබ මෙම සංඝෝපස්ථාන දිනයක් භාර ගැනීමට කැමති නම් අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේලා සමග කතා කොට දිනයක් වෙන් කර ගන්න. ( Tel: +3161 991 5161  / +3129 478 5076 )
  • ඉන්පසු සංඝෝපස්ථාන දිනය වෙන් කර ගැනීම වෙනුවෙන් සකස් කොට ඇති විස්තර පත්‍රිකාවේ ඔබගේ විස්තර සඳහන් කොට අසපුවට ලබා දෙන්න. (මෙම පත්‍රිකාව අසපුවෙන් ලබා ගත හැකිය. එසේ නැතිනම් මෙතනින් Download කර ගත හැකිය.)
  • ඔබ භාර ගත් දිනයට පෙර එම සංඝෝපස්ථාන මුදල පහත තොරතුරු සඳහන් අසපුවේ බැංකු ගිණුමට බැර කල හැකිය. (ගිණුමට මුදල් බැර කිරීමේදී ඔබගේ විස්තර පැහැදිලිව සඳහන් කරන්න.)
  • ඔබ සංඝෝපස්ථානය භාර ගත් දිනයේ අසපුවේ සවස බුද්ධ වන්දනාව පින්වත් ඔබ වෙනුවෙන් සිදු කොට ඔබටත් පවුලේ සැමටත් ඔබගේ මිය පරලොව ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන බැවින් එදින සවස බුද්ධ වන්දනාවට සහභාගී විය හැකි නම් එය මහත්ඵල මහානිසංස වේ.
  • එම දිනයට පසුව ඔබ වෙත පුණ්‍යානුමෝදනා කර පුණ්‍යානුමෝදනා කාඩ් පතක් අප විසින් එවනු ලැබේ.
  • ඔබට මේ පිළිබඳව දැන ගැනීමට යමක් තිබේ නම් ඒ ගැන අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අසා දැන ගත හැකිය.

 

මෙලෙස වාර්ෂික සංඝෝපස්ථාන දිනයක් වෙන් කරවාගෙන අවුරුද්දකට වතාවක් සංඝෝපස්ථානය වෙනුවෙන් දායක වීමෙන් ඔබට මෙලොව පරලොව යහපත සැපය පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් උපකාර වන උදාර පිනක් රැස් කර ගත හැකිය.

සුපින්වත් ඔබටද දුර්ලභව ලද මේ උතුම් මිනිස් ජීවිතය තුල අපමණ යහපත සැපය පිණිස උපකාර වන, සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර වන උදාර පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමට වාසනාව ලැබේවා.!

සියලු දෙනාටම තෙරුවන් සරණයි.

 

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2 U