Become a member

අසපුවේ සාමාජිකත්වය ලබා ගැනීම

පින්වත් ඔබටත් දැන් අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ සාමාජිකත්වය ලබා ගෙන අප සදහම් සේවාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය හැකිය. එමගින් සුපින්වත් ඔබට මෙලොව පරලොව සැපය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් උපකාර වන, උතුම් ධර්මදානමය පුණ්‍යධර්මයන් ඇතුළුව අප්‍රමාණ පිං දහම් ජීවිතයට එක් රැස් කර ගත හැකිය.

 

අසපුවේ සාමාජිකත්වය ලබා ගන්නා ආකාරය:

  • වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙකුට සාමාජිකත්වය ලබා ගත හැකි අතර එකම පවුලේ සියලු දෙනාටම හෝ කිහිපදෙනෙකුට හෝ වෙන වෙනම සාමාජිකත්වය ලබා ගත හැකිය.
  • ඒ සඳහා පළමුව අසපුව මගින් නිකුත් කරන සාමාජික අයදුම්පතක් සම්පුර්ණ කොට අසපුව වෙත ලබා දිය යුතුය. (එහි ඔබගේ තොරතුරු පැහැදිලිව සඳහන් කරන්න.)
  • එම සාමාජික අයදුම්පත අසපුවට පැමිණ ලබා ගත හැකිය. එසේත් නොමැති නම් මෙතනින් Download කර ගත හැකිය. සම්පුර්ණ කල අයදුම්පත් අසපුවට පැමිණ හෝ, තැපෑලෙන් හෝ, ස්කෑන් කොට ඊමේල් කිරීම මගින් හෝ අසපුව වෙත ලැබීමට සැලැස්විය හැකිය.
  • ඔබගේ තොරතුරු සලකා බලා ඔබට අසපුවේ සාමාජිකත්වය ලබා දෙන අතර ඔබට සාමාජික අංකයක් ද නිකුත් කෙරේ. එම සාමාජික අංකය අසපුවේ ඕනෑම කටයුත්තක දී ඔබව පහසුවෙන් හඳුනා ගැනීම පිණිස භාවිතා කල හැකිය.
  • ඔබ සාමාජික අයදුම්පතක් සම්පුර්ණ කොට අප වෙත ලබා දුන් පසු ඔබගේ සාමාජිකත්වය පිලිබඳ සියලු විස්තර ඔබ වෙත දන්වමින් අප විසින් ඊමේල් මගින් ලිපියක් එවනු ලැබේ.
  • අසපුවේ සාමාජිකත්වය ලබන ඔබට කැමති නම් “මාසික ධර්ම දාන දායකත්වය” සඳහා දායක විය හැකිය. අසපුවේ සදහම් සේවාව පහසුවෙන් කරගෙන යාම පිණිස ආරම්භ කල මෙම දායකත්ව වැඩසටහන සඳහා දායක වීමෙන් ඔබට ද උතුම් ධර්ම දානමය පින රැස් කර ගත හැකිය. එක් මාසික දායකත්වයක වටිනාකම € 25 කි. ඔබ කැමති නම් එක් දායකත්වයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වුවද භාර ගෙන එම දායකත්ව මුදල මාසිකව අසපුවේ බැංකු ගිණුමට බැර කිරීමෙන් හෝ එසේ නැති නම් අසපුවට පැමිණ පරිත්‍යාග කිරීමෙන් මේ සඳහා දායක විය හැකිය. (ගිණුම් විස්තර පහලින් සඳහන් කොට තිබේ.)
  • පින්වත් ඔබට දායකත්වයක් භාර ගෙන ඒ සඳහා දායක වීමට අපහසු නම් ඔබ කැමති, ඔබට පහසු මුදලක් මාසිකව පරිත්‍යාග කිරීමෙන් අසපුවේ සදහම් සේවයට දායක වී උතුම් ධර්ම දානමය පින රැස් කර ගත හැකිය. (ඔබට පහසු කුමන ආකාරයට ද  යන වග සාමාජික අයදුම්පතේ සඳහන් කල හැකිය.)
  • මේ පිළිබඳව වැඩි විස්තර අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් හෝ  භාණ්ඩාගාරිකතුමාගෙන් (භාණ්ඩාගාරිකතුමාගෙ දුරකථන අංකය) ලබා ගත හැකිය. 

අසපුවේ සාමාජිකත්වය ලබන ඔබට විශේෂ හැකියාවන් තිබේ නම් එමගින් අසපුවේ කටයුතු සඳහා දායක වි බොහෝ පින් රැස් කර ගත හැකිය.  (ඉලෙක්ට්‍රික් වැඩ, වඩු වැඩ, මේසන් වැඩ, පරිගණක ආශ්‍රිත වැඩ, කැමරාකරණය, චායාරුපකරණය … ආදී)

එමෙන්ම ඔබගේ නිවසේ හෝ නගරයේ  සදහම් වැඩසටහන් සංවිධානය කිරීමෙන් හෝ අසපුව මගින් සංවිධානය කරන වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් සහ ඒ සඳහා සහාය වීමෙන් බොහෝ පින් රැස් කර ගත හැකිය.

මාසයකට වරක් හෝ එසේත් නැති නම් ඔබ කැමති ඕනෑම දිනයක අසපුවට පැමිණ අසපුවේ වැඩ වසන පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා දානය පුජා කල හැකිය. ඔබ දානයක් පුජා කිරීමට කැමති නම් ඒ සඳහා අසපුවේ දුරකථන අංකයට කතා කොට දිනයක් වෙන් කර ගන්න. (දුරකථන – 06 199 15 161)

අසපුවේ සියලු සාමාජිකයන් එක් රැස් වී අසපුවේ කටයුතු පිළිබඳව සාකච්චා කෙරෙන මහා සභා රැස්වීම අවුරුද්දකට වරක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී අසපුවේ දී පැවැත්වේ. එම දිනය සියලු සාමාජික පින්වතුන් වෙත ඊමේල් මගින් දැනුවත් කරනු ලැබේ. එවිට අසපුවේ සාමාජිකත්වය ලබන ඔබට ද එම වාර්ශික මහා සභා රැස්වීමට සහභාගී වී ඉදිරි වසර තුල අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවාව වෙනුවෙන් ඔබගේ බැතිබර දායකත්වය සළසා අපමණ පිං රැස් කර ගත හැකිය.

(වාර්ෂික මහා සභා රැස්වීමේ දී අවුරුද්දකට වරක් අසපුවේ සාමාජිකත්වය ලබා ඇති සාමාජික පින්වතුන් අතරින් 13 දෙනෙකු උපස්ථාන කමිටුවේ නිලධාරීන් ලෙස තෝරා පත් කර ගැනීම ද සිදුවේ.)

මේ ආකාරයට අසපුවේ සාමාජිකත්වය ලබන ඔබට අප සදහම් සේවාව සමග සම්බන්ධ වීමෙන් ජිවිතයට බොහෝ පින් දහම් රැස් කර ගත හැකිය. කුසල් දහම් දියුණු කර ගත හැකිය.

සියලු දෙනාටම තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා.! 

මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ වේවා.!

තෙරුවන් සරණයි.

 

පින්වත් ඔබගේ මාසික ධර්ම දාන දායකත්ව ආධාර මුදල් සහ ඔබ විසින් සිදු කරනු ලබන ඕනෑම මුදල් අධාරයක් පහත තොරතුරු සඳහන් අසපුවේ බැංකු ගිණුමට බැර කල හැකිය. එසේ මුදල් බැර කරන විට ඔබගේ නම සහ අධාරය කුමක් සඳහා ද යන වගත් මේ වන විට ඔබට සාමාජික අංකයක් ලැබී තිබේ නම් එම සාමාජික අංකයත් පැහැදිලිව සඳහන් කරන්න. ඔබ විසින් සිදු කරන සෑම මුදල් අධාරයක් වෙනුවෙන්ම පුණ්‍යානුමෝදනා කරමින් පුණ්‍යානුමෝදනා ලිපියක් අප විසින් ඔබ වෙත ඊමේල් කරනු ලැබේ.

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2