Head monk

මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘවරයාණෝ

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනාහී අතිපූජ් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ . ව්යවහාර වර්ෂ 1961 ජූලි මස පළමුවැනිදින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වයස අවුරුදු 17 දී සේරුවිල මංගල රාජමහා විහාරයේදී එවකට ශ්රී කල්යාණිවංශ මහා නිකායේ මහානායක හා සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ් දඹගස්ආරේ ශ්රී සුමේධංකර ස්වාමීන්ද්රයන් වහන්සේගේ ශිෂ්යයෙකු ලෙස පැවිදි බිමට පත් විය. සාම්ප්රදායික පිරිවෙන් අධ්යාපනයෙන් අනතුරුව ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයට ඇතුලත් වී සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස ත්රිපිටක ග්රන්ථ ඇසුරින් බුද්ධ දේශනා කියවන්නට ලැබීම නිසා දිවි පුදා දහමේ හැසිරීමේ බලවත් ආසාවෙන් පන්සල් ජීවිතය අත්හැර අරණ්යවාසීව වැඩ වාසය කරන්නට පටන් ගත්තේය.

අනතුරුව දස අවුරුද්දක් පුරා තවදුරටත් ත්රිපිටක ධර්මය හදාරමින් තියුණු ධර්මඤාණයක් ඇතිකරගත් උන්වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ සිරිපා හිමයේ කල්ගත කරමින් අනේක වූ අත්දැකීම් තම ජීවිතයට එකතු කරගත් සේක. අවුරුදු ගණනාවක් පැවිදි ජීවිතයේ ලද අත්දැකීම් පාදක කොටගෙන මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කළ උන්වහන්සේ දිවයිනේ නොයෙක් ප්රදේශවලට වැඩම කොට ධර්ම දේශනා පවත්වමින් දහම් වැඩසටහන් සිදුකරමින් මහත් ශාසනික ප්රබෝධයක් ඇති කළ සේක. ත්රිපිටකය ඇසුරින් බුද්ධ වචනය ඉස්මතු කොට දක්වමින් උන්වහන්සේ විසින් ලියා පළකොට ඇති ග්රන්ථ සංඛ්යාව මෙතෙකැයි කිව නොහැක. එම දහම් ග්රන්ථ සහ උන්වහන්සේගේ බුද්ධ දේශනා සරල බසින් විග්රහ කරන සුමධුර ධර්ම දේශනා හා වන්දනා කවි ඇතුලත් සංයුත්ත තැටි ජනතාව අතර මහත් ප්රසාදයට පත්ව තිබේ. සමාජයේ ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සරල සිංහලයට ත්රිපිටක ග්රන්ථ පරිවර්තනය කිරීම මනුෂ් වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ අතින් සිදුවූ මහානීය ශාසනික සේවාවකි. පුද්ගලික මතිමතාන්තරවලින් තොරව නිර්මල පිරිසිදු බුද්ධ වචනය ඉස්මතු කරමින් ධර්මය දේශනා කිරීම පූජ් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්රචාරක වැඩපිළිවෙළේ ඇති සුවිශේෂත්වය යි.

 

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුභාශිංසනය…

“පින්වතුනි, පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින්  ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන්  යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට  ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද,  සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්රඥාව මෙකල මිනිසාගේ ප්රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි.  විස්මිත ප්රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.

ලොවට අකාලික සත්යය දන් දුන් බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු සත්යාවබෝධ කළ නිකෙලෙස් මුනිවරු තම සත්යාවබෝධයට උපකාරී වූ  ධර්මය මැනැවින් සංරක්ෂණය කළා. එය කරන ලද්දේ එකල භාවිත වූ මාගධී හෙවත් පාළි භාෂාවෙනි.  නිකෙලෙස් මුනිවරු ධර්මදූතයන් ලෙස ලෝකයට රැගෙන ගියේ සත්යාවබෝධයට උපකාරී වූ උතුම් බුද්ධ වචනයයි. ධර්මාශෝක නිරිඳුන්ගේ ධර්මදූත සේවාවෙහි ඵලයක් ලෙසින් එතුමාගේ පුත්රුවන වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මව්බිමට වැඩියේ   නිර්මල බුද්ධ වචනය රැගෙන . උන්වහන්සේ විසින් එය  අයුරින්  එකල ජීවත් වූ අප මුතුන් මිත්තන්ට ඉගැන්නුවා. සත්යාවබෝධයට උපකාරී වන අලෞකික ජීවිතයක් පිණිස පැවිදි බව  හඳුන්වා දුන්නා. ගිහි ජීවිතය ගෙවමින් බුදුරජුන්ගේ ශ්රාවකයන් බවට පත්ව  ධර්මයට අනුව ජීවත්ව රැකවරණය සලසා ගත හැකි අයුරු පෙන්වා දුන්නා.

කාලයාගේ ඇවෑමෙන් ඇතිවන විවිධ ආර්ථික, සාමාජික, දේශපාලනික, අධ්යාපනික, ආගමික අර්බුද හේතුවෙන් ප්රායෝගිකව තිබිය යුතු එහි නිර්මල ස්වරූපය අතුරුදන්ව ගියා. නමුත් අපගේ වාසනාවකට මෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ  නිර්මල බුද්ධ වචනය  අයුරින්  සුරැකී තිබුණා.

බුදු සසුනෙහි ප්රායෝගිකත්වය මෙසේ අතුරුදන්ව ගියත් මිනිසුන්ගේ සත්යය සෙවීමේ ආශාව අතුරුදන් වන්නේ නෑ. ගත කරන ජීවිතයට වඩා විශේෂ යමක් ලබා ගැනීමේ ආශාවෙන් ඔවුන් පෙළෙනවා. බුද්ධ කාලයේ තරම්  සත්යය සෙවීම පිණිස ඔවුන් උනන්දු නැති නමුත් සත්යාවබෝධයට ආශාව දක්වන නුවණැති මිනිසුන් අද පවා සිටිනවා. මා සත්යය සෙවීමේ ආශාවෙන් පෙළෙමින්  ධර්මය හැදෑරීම පිණිස මහත් වෙහෙසක් ගත්තා. මිහිඳු මහරහතුන් අපට දායාද කළ සියලුම බුද්ධ වචනය කියවන්නට තරම් මා වාසනාවන්ත වුණා. ලොවෙහි ඇති අතිශයින්  විස්මිත ප්රඥාව වනාහී බුද්ධ ධර්මය යි. බුදුරජාණන් වහන්සේ සතු අසාමාන් ප්රතිභා ශක්තිය, මහා කරුණාව, ලොවට නොඇලී සිටීම, අලෞකික ජීවිතය, පවිත් මනස සහ බුද්ධිමය අනන්යතාව  දේශනා තුළින් හොඳින් දිස්වෙනවා.

මින් වසර විසිදෙකකට පෙර මවිසින්මහමෙව්නාවයන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත් සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්යයට පමණි.  බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි , පුද පූජා පවත්වයි , ධර්මයට ගෞරව දක්වයි ,  ධර්මයට අනුව ජීවිතය විමසා බලයි , ජීවිතය හසුරුවයි , සත් සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට  සෑහේ. මක් නිසාද යත් සත්යය යනු බුදු දහමයි.

මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්යය විවෘතව ඇත. එම සත්යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම්  ධර්මය තිබෙන්නේ ඔබ සඳහා . ඔබේ යහපත හා සැපය සඳහා . එනිසා අප සියලු දෙනා එම සත්යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු.  අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, ආර්ය සංඝයාගේත්, කල්යාණමිත්රයන්ගේත්, සියලු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!

~පූජ් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ~