Monthly Dhamma Donation

මාසික ධර්ම දාන දායකත්වය

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
සියලු දානයන් අතර ධර්මදානය අග්‍ර වන්නේය.
– බුදු රජාණන් වහන්සේ-

නෙදර්ලන්තයේ වෙසෙන සැදැහැවත් පින්වතුන් හට සුවසේ පින් දහම් රැස් කර ගැනීම සඳහාත්, කුසල් දහම් දියුණු කරමින් ගෞතම බුදු සසුනේ පිළිවෙත් පිරිම සඳහාත් උපකාර කරනු පිණිස අති පුජනීය කිරිබත්ගොඩ ඤානානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පුර්ණ ආශීර්වාදයෙන් යුතුව 2015 ඔක්තෝම්බර් මස 18 වන දින නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී. එසේ ආරම්භ වූ අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව මගින් මේ වන විට නෙදර්ලන්තය තුල මෙන්ම අවට පිහිටි යුරෝපා රටවල් කිහිපයකම සුවිසල් සදහම් සේවාවක් සිදු කෙරේ.

අසපුව මගින් සිදු කෙරෙන මෙම සදහම් සේවය සාර්ථකව සහ පහසුවෙන් සිදු කර ගැනීම පිණිස දායක වි, සුපින්වත් ඔබට ද අප්‍රමාණ පින් රැස් කර ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. මේ සඳහා සැදැහැවත් පින්වතුන් හට දායක වීම පිණිස “මාසික ධර්ම දාන දායකත්වය” නමින් දායකත්ව වැඩපිළිවෙලක් සකස් කොට තිබේ. එහි එක් දායකත්වයක වටිනාකම € 25 කි. ඔබ කැමති නම් දායකත්ව කොටස් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වුව ද භාර ගෙන එම මුදල මාසිකව අසපුවේ බැංකු ගිණුමට බැර කිරීමෙන් හෝ අසපුවට පැමිණ පරිත්‍යාග කිරීමෙන් මෙම “මාසික ධර්ම දාන දායකත්වය” ට දායක විය හැකිය. 

ඒ සඳහා පළමුව අප අසපුව මගින් නිකුත් කරන සාමජිකත්ව අයදුම් පත්‍රයක් පුරවා අසපුවට පැමිණ හෝ තැපැල් මගින් අසපුව වෙත භාර දෙන්න. එවිට ඔබට සාමාජික අංකයක් අසපුව මගින් ලබා දෙනු ලැබේ.

(එම සාමජිකත්ව අයදුම් පත අසපුවට පැමිණ ලබා ගත හැකිය. එසේ නැති නම් මෙතනින් Download කර ගත හැකිය.) එම සාමාජික අංකය පැහැදිලිව සඳහන් කොට පහත තොරතුරු සඳහන් අසපුවේ බැංකු ගිණුමට ඔබගේ “මාසික ධර්ම දාන දායකත්ව” ආධාර මුදල මාසිකව බැර කල හැකිය.

අප වෙත ඔබගේ මුදල් ආධාරය ලැබුන විට ඒ බව ඔබට දන්වා පුණ්‍යානුමෝදනා ලිපියක් ඔබ වෙත ඊමේල් මගින් එවනු ලැබේ. (එනිසා ඔබගේ ඊමේල් ලිපිනය පැහැදිලිව අප වෙත ලබා දෙන්න.)

මෙසේ ඔබ විසින් මාසිකව සිදු කරන මුදල් අධාරය ඔබගේ බැංකු ගිණුමෙන් පහත තොරතුරු සඳහන් අප අසපුවේ බැංකු ගිණුමට මාසිකව ලැබෙන ලෙස සකස් කල හැකි නම් (Standing Order / Periodiek Overboeking ආකාරයට) එය අසපුවේ කටයුතු වලට ඉතාමත් පහසු වේ.  මේ සම්බන්ධව ඔබට යම් විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් අසපුවේ භාණ්ඩාගාරිකතුමාගෙන් (භාණ්ඩාගාරිකතුමාගෙ දුරකථන අංකය) අසා දැන ගත හැකිය. 

පින්වත් ඔබට ද අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව සමග සම්බන්ධ වී ජිවිතයට අප්‍රමාණ පින් දහම් රැස් කර ගැනීමටත්, සීල – භාවනා ආදී උතුම් ගුණ දහම් දියුණු කර ගැනීමටත්, ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් වාසනාව උදා වේවා.!

සියලු දෙනාටම තෙරුවන් සරණයි.

 

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2 U