සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව

අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව මගින් ආරම්භ කරන්නට යෙදුන අලුත්ම දහම් වැඩසටහන සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව යි. මෙම ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනා සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා අප අසපුවේ YouTube නාලිකාව ඔස්සේ විකාශය කරනු ලැබේ. එම ධර්ම දේශනාවක් වෙනුවෙන් සුපින්වත් ඔබට ද දායකත්වය ලබා දී උතුම් ධර්ම දානමය පුණ්‍යධර්මයන් රැස් කර ගත හැකිය.

මෙම ධර්ම දේශනා මාලාව ආරම්භ කිරීමේ අරමුණු කිහිපයකි. එනම්,

  1. අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව පිහිටා තිබෙන ගොඩනැගිල්ල සහිත පුුණ්‍යභූමිය 2017 වසරේ මිල දී ගන්නට යෙදුණි. නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැවත් පින්වතුන් ද අවට යුරෝපා රටවල වෙසෙන සැදැහැවත් පින්වතුන් ද ඒ සදහා හැකි පමණ ආධාර උපකාර කළ අතර ඊට අමතරව බැංකු ණය මුදලක් ද ලබා ගැනීමට සිදු විය. (එය යුරෝපයේ පවතින දේපළ මිල දී ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය යි) එසේ ලබා ගත් ණය මුදලින් කොටසක් මේ වන විට ගෙවා තිබෙන අතර තවත් කොටසක් ගෙවිය යුතුව තිබේ.
    සැදැහැවත් පින්වතුන් විසින් මෙම ධර්ම දේශනා මාලාව වෙනුවෙන් දායකත්වය දැරීමෙන් අප වෙත පරිත්‍යාග කරන ආධාර මුදල් එම ඉතිරි ණය මුදලෙහි ගෙවීම් කටයුතු වෙනුවෙන් යොදවනු ලැබේ. එබැවින් මෙම ධර්ම දේශනාවන් වෙනුවෙන් දායකත්වය දැරීමෙන් සුපින්වත් ඔබට ඉතා දුර්ලභ වූ සෙනසුන් පූජා පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
    සිව්දිගින් වඩිනා ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් සෙනසුනක් සකසා පූජා කිරීම හෝ ඒ වෙනුවෙන් දායකවීම, මෙලොව පරලොව දෙලොවම යහපත සැපය පිණිසත්, උතුම් ධර්මාවබෝධය පිණිසත් උපකාර වන දුර්ලභ පුණ්‍යකර්මය කි. එබැවින් සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනාවක් වෙනුවෙන් දායකත්වය දැරීම මගින් සුපින්වත් ඔබට ද මෙම දුර්ලභ පුණ්‍යකර්මයේ කොටස් කරුවෙකු විය හැකිය.
  2. අපගේ බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන බව යි. එබැවින් මෙම ධර්ම දේශනාවක් වෙනුවෙන් දායකත්වය දැරීමෙන් ඔබට එම උතුම් ධර්ම දානමය පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමේ අවස්ථාව ද සැලසෙනු ඇත. එය ද මහත්ඵල මහානිසංස පුණ්‍යකර්මය කි.
  3. තවද මෙකළ ඉතා කාර්ය බහුල ජීවිත ගෙවන ඔබට, ඔබගේ නිවසේ සිටම සතිපතා ධර්ම දේශනාවන් දෙකක් ශ්‍රවණය කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙකුට ශ්‍රවනය කරන්නට ලැබේ නම් සැබැවින්ම ඔහු හෝ ඇය වාසනාවන්තයෙක් මය. මන්ද යත් එමගින් ක්ෂණ සම්පත්තිය උදාවන බැවිණි. නිවන් දොරටු විවර වන බැවිණි.

මෙම ධර්ම දේශනාවක් වෙනුවෙන් දායකත්වය ලබා ගත හැකි ආකාරය –

  • මෙම ධර්ම දේශනාවන් වෙනුවෙන් දායකත්වය ලබා ගැනීමට නෙදර්ලන්තයේ වෙසෙන පින්වතුන්ට මෙන්ම ලෝකයේ ඕනෑම රටක වෙසෙන පින්වතෙකුට අවස්ථාව තිබේ.
  • මේ සදහා ඔබ කැමති සෙනසුරාදා දිනයක් හෝ ඉරිදා දිනයක් වෙන් කරවා ගත හැකිය. (ඒ සදහා ඔබගේ ඤාතියෙකුගේ මියගිය දිනයක් හෝ, ඔබගේ හෝ පවුලේ කෙනෙකුගේ උපන්දින දවසක් හෝ, වෙනත් විශේෂිත දිනයක් ඇතිනම් එවැනි දිනයක් උවද යොදා ගත හැකිය.) ධර්ම දේශනා එකක් හෝ කිහිපයක් වෙනුවෙන් හෝ දායකත්වය දැරිය හැකිය.
  • (+31) 06 199 15 161 යන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp කෙටි පණිවිඩයක් එවීමෙන් පින්වත් ඔබගේ ධර්ම දේශනාව සදහා දිනයක් වෙන් කරවා ගත හැකිය‍.
  • ඔබ විසින් දායකත්වය දරන එම ධර්ම දේශනාවේ දී පින්වත් ඔබ වෙනුවෙන්ම පුණ්‍යානුමෝදනා කරන අතර පුණ්‍යානුමෝදනා කළ යුතු අයගේ විස්තර අප වෙත එවීමෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයටම එදිනට පුණ්‍යානුමෝදනාව සිදු කළ හැකිය.
  • එක් ධර්ම දේශනාවක් සදහා දායකත්වය යූරෝ 100 ක් වන අතර එම දායකත්ව මුදල් පහත විස්තර සදහන් අසපුවේ බැංකු ගිණුමට බැර කළ හැකිය. එසේ නොමැති නම් අසපුවට පැමිණ පරිත්‍යාග කළ හැකිය.

සුපින්වත් ඔබට මෙම සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා වෙනුවෙන් දායකත්වය දැරීමෙන්…

  • දුර්ලභ වූ සෙනසුන් පූජා පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමටත්,
  • ඔබගේ ජීවිතයට උතුම් ධර්ම දානමය පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමටත්,
  • මියගිය ඤාතිහිතමිත්‍රාදීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත්,
  • ඔබගේ හිතවත් අයෙකු අසනීප වී සටී නම් ඒ අයට පුණයානුමෝදනා කොට සෙත් පැතීමටත්,
  • ඔබගේ පවුලේ අයගේ උපන්දනයක් වැනි විශේෂ අවස්ථාවක දී පුණ්‍යානුමෝදනා කොට ඒ අයට ආශිර්වාද කිරීම පිණිසත්,
  • මෙලොව පරලොව යහපත සැපය පිණිසත් සසර දුකින් නිදහස් වීම පිණිසත් උපකාර වන මහත්ඵල මහානිශංස පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

සුපින්වත් ඔබ සැමට තුණුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ ධාර්මික රැකවරණයෙන් සුවසේ පින් රැස් කර ගැනීමටත්, මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමටත් වාසනාව ලැබේවා!

සියලු දෙනාටම තෙරුවන් සරණයි.

වැඩි විස්තර – (+31) 06 199 15 161

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2 U