
අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව මගින් ආරම්භ කරන්නට යෙදුන අලුත්ම දහම් වැඩසටහන සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව යි. මෙම ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනා සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා අප අසපුවේ YouTube නාලිකාව ඔස්සේ විකාශය කරනු ලැබේ. එම ධර්ම දේශනාවක් වෙනුවෙන් සුපින්වත් ඔබට ද දායකත්වය ලබා දී උතුම්…
නෙදර්ලන්තයේ පිහිටි එකම ශ්‍රී ලාංකික බෞද්ධ පුණ්‍යායතනය වන්නේ අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව යි. අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් සදහම් සේවාවේ ප්‍රථිඵලයක් ලෙස නෙදර්ලන්තයේ පිහිටුවන්නට යෙදුන මහමෙව්නාව භාවනා අසපුව මගින් මේ වන විට නෙදර්ලන්තයේ මෙන්ම බෙල්ජියම ඇතුළු අවට යුරෝපා රටවල සුවිසල් සදහම් සේවාවක් ඉටු කරණු ලැබේ. එමගින් ශ්‍රී ලාංකික බෞද්ධ…
අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ලොව පහළවීම, උතුම් සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය. එමෙන්ම සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ ද වෙසක් පුන් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ…
ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය කාලයේ ලොව පුරා පැතිර ගිය කොරොනා වසංගත තත්වය නිසා ලෝවාසී සියලු දෙනාටම නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණපෑමට සිදු විය. සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අප අසපුවේ පවත්වන්නට යෙදුන සියලු දහම් වැඩසටහන් ද තාවකාලිකව නවතා දමන්නට අපට සිදු විය. නමුත් මේ වන විට එම කොරෝනා වසංගත තත්වය ක්‍රමයෙන් පහව යන බව දැක ගන්නට තිබේ. එබැවින් අප…