Donation

අසපුවේ සදහම් සේවාව සාර්ථකව පවත්වාගෙන යාම පිණිස ඔබට දායකත්වය දැරිය හැකි ආකාරය

2015 වසරේ ඔක්තෝබර් මස 15 වන දින ආරම්භ කරන්නට යෙදුන නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව මගින් මේ වන විට නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රට වල සුවිසල් සදහම් සේවාවක් සිදු වෙමින් පවතීයි. දැනට නෙදර්ලන්තය තුල පිහිටුවා තිබෙන එකම බෞද්ධ විහාරස්ථානය මෙය වන බැවින් අප අසපුව නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රට වල වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැති පින්වතුන් හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන පුණ්‍යභූමියකි. දුර්ලභව ලැබුන මිනිස් ජීවිතය තුල මුණගැසුන උතුම් ක්ෂණසම්පත්තියෙන් ඵල නෙලා ගනු පිණිස සැදැහැති පින්වතුන් තෙරුවන් සරණෙහි පිහිටා පින් දහම් රැස් කරමින්, කුසල් දහම් වඩමින්, බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගනිමින් තම ජීවිත වලට ඒ ධර්මය පුරුදු පුහුණු කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනු දැකීම ඉමහත් සතුටකි. ඒ වෙනුවෙන් අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලා සැදැහැති පින්වතුන් සමග එක්ව මාසික සීල භාවනා වැඩසටහන්, ළමා දහම් වැඩසටහන්, යොවුන් දහම් වැඩසටහන්, වෙසක්-පොසොන් ආදී විශේෂ පොහෝ දිනයන් වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී දහම් වැඩසටහන්, වාර්ෂික කඨින පිංකම් සහ ජාතික, ආගමික, සංස්කෘතික උත්සව යනාදිය සංවිධානය කරමින් මහත් පරිශ්‍රමයක් දරනු ලබයි.

මෙම සියලු කටයුතු සාර්ථකව සිදු කරනු ලබන්නේ නෙදර්ලන්තයේ සහ බෙල්ජියමේ වෙසෙන ශ්‍රද්ධා සම්පන්න දායක පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාරයෙනි. මේ දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් ප්‍රමාණය ඉතා කුඩා පිරිසක් වන අතර එම පින්වතුන් නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ සදහම් සේවාව දිගටම පවත්වාගෙන යාම පිණිස කාලය, ශ්‍රමය, ධනය කැපකරමින් ලබා දෙන සැදැහැබර දායකත්වය සිහිපත් කොට අප පුණ්‍යානුමෝදනා කර සිටිමු. 

සුපින්වත් ඔබට ද අප අසපුවේ සදහම් සේවාව සාර්ථකව පවත්වාගෙන යාම පිණිස ඔබට හැකි පමණින් දායක වී ජීවිතයට අපමණ පින් ඵල නෙලා ගත හැකිය.

 

අසපුවේ සදහම් සේවාව සාර්ථකව පවත්වාගෙන යාම පිණිස ඔබට දායකත්වය දැරිය හැකි ආකාර…

  1. මාසික ධර්මදාන දායකත්වය – මාසිකව යම් ආධාර මුදලක් අසපුව වෙත පරිත්‍යාග කිරීමෙන් අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවයට අනුග්‍රහය දැක්විය හැකිය. (වැඩි විස්තර)
  2. වාර්ෂික සංඝෝපස්ථාන දිනය – අවුරුද්දේ ඔබ කැමති දිනයක් වෙන් කරවා ගෙන එම දිනයෙහි අසපුවේ වියදම වෙනුවෙන් අසපුව වෙත ආධාර මුදලක් පරිත්‍යාග කිරීම මගින් ද අසපුව මගින් සිදු කෙරෙන සදහම් සේවයට අනුග්‍රහය දැක්විය හැකිය. (වැඩි විස්තර)
  3. උත්තම ආරාම පූජාව – අසපුවෙහි භූමිය මිල දී ගන්නා අවස්ථාවේ බැංකුවෙන් ලබා ගත් ණය මුදල නැවත ගෙවීම පිණිස මුදල් ආධාර පරිත්‍යාග කිරීමෙන් සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත සේනාසන පුජා කිරීමේ උතුම් පුණ්‍යධර්මයන් රැස් කර ගත හැකිය. (වැඩි විස්තර)
  4. නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩවෙසෙමින් සිල් ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දහම් අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පොත්-පත් සහ අනෙකුත් අවශ්‍ය දෑ ලබාගැනීම සඳහා පින්වත් ඔබගේ ආධාරය ලබාදී උතුම් සංඝෝපස්ථාන පුණ්‍යධර්මයන් රැස්කරගත හැකිය.
  5. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඖෂධ, වෛද්‍යාධාර සහ ඉන්ෂුවරන්ස් ආදිය සඳහා පින්වත් ඔබගේ ආධාරය ලබාදී උතුම් ගිලානෝපස්ථාන පුණ්‍යධර්මයන් රැස්කරගත හැකිය.
  6. අසපුවේ වැඩවෙසෙමින් සිල් ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සිවුපස පහසුව සැළසීම සඳහා පින්වත් ඔබගේ ආධාරය ලබාදී උතුම් සංඝෝපස්ථාන පුණ්‍යධර්මයන් රැස්කරගත හැකිය.
  7. අප අසපුවෙහි අන්තර්ජාල සදහම් සේවාව වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික උපකරණ ලබා ගැනීම, පරිගණක මෘදුකාංග ලබා ගැනීම සහ වෙබ් අඩවි නඩත්තු කිරීමේ කටයුතු සඳහා වන බරපැන සපයා දීමෙන් ගෞතම බුදුරජුන්ගේ සදහම් සංදේශය ලොව සිව් දෙස පැතිරවීම පිණිස ඔබගේ දායකත්වය ලබා දී මෙම සුවිසල් සදහම් සේවාවේ කොටස්කරුවෙකු විය හැකිය.

ඉහත සදහන් ඕනෑම ආකාරයකින් අප වෙත දායකත්වය ලබා දී සුපින්වත් ඔබට අපමණ පින් රැස් කර ගත හැකිය. ඔබගේ එම මුදල් ආධාරය පහත තොරතුරු සදහන් අසපුවේ බැංකු ගිණුමට බැර කිරීම හෝ අසපුවට පැමිණ පරිත්‍යාග කිරීම සිදු කළ හැකිය. (ඒ වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් කළ යුතු යමෙක් වේ නම් එම විස්තර පින්වත් ස්වාමීන් වහන්සේලාට දැනුම් දීමෙන් එම පින්වතුන් හට සුදුසු පරිදි පුණ්‍යානුමෝදනාවක් සිදු කළ හැකිය.) (දුරකථනය – 06 199 15 161)

පින්වත් ඔබ උත්තම ආරාම පූජාව වෙනුවෙන් සිදු කෙරෙන මුදල් ආධාර අප අසපුවේ මෙම බැංකු ගිණුමට බැර කළ හැකිය.

Bank Details:
Name: Mahamevnawa Buddhist Monastery
A/C No: NL 10 RABO 0307 9677 94
Bank: RABO Bank
Swift Code: RABO NL 2 U

 

තම ජීවිත තුල එම ධර්මය පුරුදු පුහුණු කර ගනිමින් මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් වාසනාව ලැබේවා!

 

තෙරුවන් සරණයි.