i¾j rd;%sl msß;a iÊ`®dhkh
උදාවූ ව්‍යවහාරික 2017 නව වර්ෂය වෙනුවෙන් සැමට සෙත් පතා පසුගිය ජනවාරි 07 වන සෙනසුරාදා දින නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවෙ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වුණි. එදින සවස 5.00 සිට 7.00 දක්වා සිරි ගෞතම බෝධි වන්දනාව සිදු කල අතර රාත්‍රී 9.00 සිට පසුදා පහන්වන තුරු මහමෙව්නාවේ පාලි-සිංහල සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව පැවැත්වුණි. පිරිත් සජ්ඣායනාව අවසානයේ සියලු දෙනාටම පිරිත් පැන් පිරිත් නුල් ලබාදී ආශීර්වාද කල අතර ඉන් අනතුරුව අපගේ බුදු රජාණන් වහන්සේ උදෙසාත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් කිරිපිඩු දානය පුජා කරන්නට යෙදුනි. පසුව මහා සංඝ රත්නය උදෙසා උදෑසන සංඝගත දක්ෂිනාව පිරිනැමුණ අතර සියලු ගිහි පින්වතුන් හටද දන්-පැන් පුජා කෙරුණි. මෙම පිරිත් සජ්ඣායනය සඳහා නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ප්‍රංශය, ජර්මනිය යන රට වල මහමෙව්නාව භාවනා අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේලාද වැඩම කළහ. සැදැහැවතුන් 100 දෙනෙකු පමණ සහභාගී විය.