උතුම් ගෞතම බුදු සසුනත් දුර්ලභ මිනිස් ජීවිතයත් මුණ ගැසුණ පුණ්‍යවන්ත මිනිසුන් හට තම ජිවිතයට පින් දහම් රැස් කර ගැනීම පිණිසත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය පිණිස කුසල් දහම් දියුණු කර ගැනීම පිණිසත් උපකාර කරනු පිණිස පුජනීය කිරිබත්ගොඩ ඥානානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව නෙදර්ලන්තයේ මහමෙව්නාව භාවනා අසපුව මීට ටික කලකට ඉහත දී ආරම්භ කරන්නට යෙදුනි. අප අසපුව මගින් මේ වන විට සිදු වන සදහම් සේවය අපමණ ය. අසපුව සමග එක් වී සිටින සැදැහැවත් පින්වතුන් මහා සංඝරත්නය උදෙසා දන්-පැන් පුදමින්, අසපුවේ දහම් වැඩසටහන් සමග සම්බන්ධ වෙමින්, සිල් ගුණ දහම් දියුණු කරමින් ජිවිතයට අපමණ සැනසිල්ලක් අත් විඳිති. වැඩිහිටි පින්වතුන් මෙන්ම කුඩා දරුවන් ද තරුණ දු පුතුන් ද අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේලා සමග එක් වී පින් දහම් රැස් කරමින් කුසල් දහම් වඩමින් උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගනිමින් එම ධර්මය තම ජිවිත වලට පුරුදු පුහුණු කර ගැනීමට වෙර වීරිය වඩති.

සුපින්වත් ඔබ සැමට ද අප නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුව සමග සම්බන්ධ වී:

පින්වත් ස්වාමින් වහන්සේලාට දන් පැන් පුජා කිරීමෙන්, අසපුවේ සහ පින්වත් ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බැලීමෙන්, විශේෂ පින්කම්, බුද්ධ වන්දනා……… ආදියට සම්බන්ධ වී බොහෝ පින් රැස් කර ගත හැකිය.

මාසික සීල භාවනා වැඩසටහන, පුංචි දරුවන්ගේ දහම් පාසල, යොවුන් දරුවන්ගේ වැඩසටහන, ධර්ම සාකච්චා සහ භාවනා වැඩසටහන් ආදියට සම්බන්ධ වීමෙන් ධර්මය ඉගෙන ගැනීමටත් එම ධර්මය ජිවිතයට පුරුදු කර ගැනීමටත් අවස්තාව උදා වී තිබේ.

නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේ සාමාජිකත්වය ලබා ගෙන ඔබට ද ඔබගේ පවුලේ අයට ද අසපුවේ සාමාජිකයෙකු විය හැකිය. ඒ සඳහා අසපුව මගින් නිකුත් කරන සාමාජික අයදුම් පතක් සම්පුර්ණ කොට අසපුව වෙත භාර දිය යුතු වේ. එවිට ඔබට සාමාජික අංකයක් ලැබෙන අතර එය අසපුවේ ඕනෑම කටයුත්තක දී ඔබව පහසුවෙන් හඳුනා ගැනීම පිණිස භාවිතා කල හැකිය.

(සාමාජික අයදුම් පත අසපුවෙන් ලබා ගත හැකිය. එසේ නොමැතිනම් මෙතනින් කර ගත හැකිය. සම්පුර්ණ කරන ලද අයදුම් පත් අසපුවට පැමිණ හෝ තැපෑලෙන් අසපුව වෙත ලැබීමට සැලැස්විය හැකිය.)